Colombo Today Local News

කොවිඩ් සිරුරු 605 ක් ඔට්ටමාවඩියේ භුමදානය කර අවසන්

මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත මළසිරුරු හයසියපහක් 605 ක් භුමදානය කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

ඊයේ (15)දින පෙරවරුව වන විට මෙම සංඛ්‍යාව භුමදානය කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

මෙලෙස භුමදානය කරන ලද මළසිරුරු අතර සිංහල පුද්ගලයන්ගේ මළසිරුරු 7ක්, කතෝලික ආගමිකයන්ගේ සිරුරු 12, හින්දු ආගමිකයන්ගේ සිරුරු 14 ක් සහ මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු 572ක් ඇති බවද වෛද්‍ය හම්දානි සඳහන් කරයි.

ඔට්ටමාවඩි ප්‍රදේශයේ මළසිරුරු අටසීයක නවසීයක ප්‍රමාණයක් භූමදානය කිරීමට හැකියාව පවතින බවත් ඉදිරියේදි වෙනත් ස්ථානයක් මෙම මළසිරුරු භූමදානය කිරීමට තෝරාගැනීම සඳහා අදාළ කටයුතු සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

கொவிட்-19: இன்று 7 ஜனாஸாக்கள் நல்லடக்கம் | தினகரன்

Related posts

හෙරොයින් ග්‍රෑම් 20ක් සමගින් කංජිපානිගේ ගෝලයා මොහොමඩ් අජීම් අත්අඩංගුවට

colombotoday

අනුරාධපුරයේ වී ගබඩා 60කට සීල් – කිලෝ ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට

colombotoday

ජූලි 5-12 අතර ගෑස් නැව් 2 ක් දිවයිනට

colombotoday

නාම යොජනා බාර ගැනීම ඇරැඹේ !

colombotoday

එරාවූහිදී සිදුවූ පහරදීමකින් පොලිස් පරීක්ෂක මිය යයි

colombotoday

විග්නේෂ්වරන් මහ ඇමතිකමින් ඉවතට !

colombotoday