Colombo Today Local News

ලිටරය 90 ට දෙන්න ආ ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පාරිභෝගිකයා කබලෙන් ලිපට!

කොවිඩ් වසංගතයෙන් ජනතාව පීඩාවිදින මෙම අවස්ථාවේ ඉන්ධන මිල වැඩිකිරීම දැඩිව හෙළාදකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

“රුපියල් 90.00 ක් වැනි මිලකට පෙට්රල් ලීටරයක් ලබාදිය හැකි බවට පුරසාරම් දෙඩවූ උදය ගම්මන්පිල විසින්ම පෙට්රල් මිල ඉහල දැමීම දෛවයේ සරදමකි. ලෝක වෙළදපොලේ ඉන්ධන මිල අඩුවූ අවස්ථාවේදී නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කල රජය කොවිඩ් වසංගතය හේතුවෙන් පුද්ගලයින් රැකියාවක් නොමැතිව අමාරුවෙන් තුන්වේල පිරිමහගන්නා මෙම අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීම කිසිසේත්ම සාධාරීකරණය කල නොහැක.”

“ඉන්ධන මිල ඉහළයාම නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල හා ප්‍රවාහන ගාස්තු ඉහළයාම කිසිසේත්ම පාලනය කරගැනීමට නොහැකි අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළයාම මෙම අවස්ථාවේදී පාරිභෝගිකයින්ට කිසිසේත්ම දරා ගැනීමට නොහැක.”

කොවිඩ් වසංගත තත්වයෙන් පාරිභෝගිකයා පීඩාවිදින මෙම අවස්ථාවේදී ඉන්ධන මිල සංශෝධනය කිරීම වහාම නවතා දමන ලෙස ආදාල මාධ්‍ය නිවේදනය මගින් විතානගේ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

Related posts

කල්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට

Admin

කොරෝනා මෘත දේහ බහාලන්න කාඩ්බෝඩ් මිනිපෙට්ටි හදයි

colombotoday

අතුරුගිරියේ ජෙරම් STF අත්අඩංගුවට

Admin

කොරෝනා මරණ 800 දක්වා ඉහළට… 37,000ක් ආසාධිතයි !

colombotoday

ආපදාවෙන් මියගිය ගණන 9 දක්වා ඉහළට.. 38000ක් විපතට පත්වෙයි… මහ වැසි තවදුරටත්

colombotoday

“අපේ සමුළුවට එජාපයෙන් ආවා.. එජාප සමුළුවට අපිත් යනව” – ශ්‍රීලනිප මහලේකම්

colombotoday