Colombo Today Local News

ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ඉන්දීයාවේ තමිල්නාඩු හා කර්ණාටක පොලිස් ස්ථාන මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මිනිස් ජාවාරම්කරුවන් 7 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ශ්‍රී ලාංකිකයින් මාස දෙකක පමණ කාලයක් නීතිවිරෝධීව තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රදේශවල රැඳී සිට ඇති බව සඳහන් වේ.

ඔවුන් මුහුදු මාර්ගයෙන් කැනඩාවට ප්‍රවාහනය කිරීමට මිනිස් ජාවාරම්කරුවන් සැලසුම් කර තිබූ බව ඉන්දීය පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් මිනිස් ජාවාරම්කරුවන් 7 දෙනා අතර එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිටි බවට සැකකෙරෙන පුද්ගලයෙකු සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Related posts

බොදු බල සේනා තරුණ සමුළුව – සජීවී විකාශය

colombotoday

මැකෝ මහ නාහිමිවරුන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

රුපියල් මිලියන 150ක රබර් බුෂ් වංචාවක්? විගණනෙන් හෙළිවූ අන්දම

Admin

කොරෝනා නීති කඩ කරන්නන්ට නීතිය දැඩි වේ

colombotoday

විභාග ශාලාවේදී සිසුවිය අපයෝජනය කිරීම ගැන විධිමත් පරීක්ෂණයක් අරඔයි

colombotoday

රජයේ පාලනය යටතේ යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට යමින් පවතිනවා – හියුමන් රයිට්ස් වොච් සංවිධානය

Admin