Colombo Today Local News

මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කතක් පානදුරේදී කොටු

දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කාන්තාවක් ඇතුළු පිරිසක් ඊයේ(11)දින පොලීසියට කොටු විය.

සහල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව අඟවමින් කාන්තාවක් විසින් වාරියපොළ සහල් තොග වෙළෙඳ සැලකින් රුපියල් ලක්ෂ 12ක පමණ සහල් ඇණවුම් කර තිබුණි.

සහල් තොගය පානදුරට රැගෙන යා යුතු බව පවසා යක්කල නගරයේදී ඔවුනගේ ලොරියකට මාරු කර මුදල් ලබාදීම පිණිස යක්කල පෞද්ගලික බැංකුවක් අසළට පැමිණෙන ලෙස පවසා පළා ගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබුණි.

ලොරියෙ අංකය, සහල් තොගය රැගෙන ආ අයෙකුගේ මතකයේ තිබූ බැවින් මේ පිළිබඳව යක්කල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාරිය හා තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ පානදුර ප්‍රදේශයේදීය.

ඒ වනවිටත් සහල් කිලෝ 11800 ක් මීගොඩ පානදුර සහ පිළියන්දල වෙළෙඳ සැල්වලට අළෙවි කර තිබුණි.

එම සහල් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

යක්කල පොලීසිය මේ වෙන විටත් සොයාගෙන තිබෙන්නේ සැකකාරිය මීට පෙර අවස්ථා හතරකදී මෙලෙස සහල් මංකොල්ල කා ඇති බවටයි.

Related posts

‘කළු සතියට’ පක්ෂව අදත් ක්ෂේත්‍ර රැසක නිලධාරීන් විරෝධයේ

Admin

ශරීර උණුසුම ඉහළ ගිහින්… ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

අනුරට මැකොගෙන් පොල්ලක්!

Admin

5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමග දෙදෙනකු අත්අඩංගුවේ

colombotoday

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් හුදකලා කරයි

colombotoday

මිල සූත්‍රය බොරුවක්… හරිනම් ඒ අනුව ත්‍රීමලයෙන් ගොඩබාන තෙල් මිල අඩවිය යුතුයි – හිටපු තෙල් ඇමති කියයි

colombotoday