Colombo Today Local News

උපන්දින පාටියට සම්බන්ද පිරිස නිරෝදයනය ට ගෙන ගිය බස් රථය ආපසු හරවන්න නියෝග කල පුවත බොරුවක්

කොළඹ හෝටලයකදී උපන්දින පාටියට සහබාගි වූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝදයනය සඳහා ගෙන ගිය බස් රථය ආපසු හරවන්න ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් දුරකථනය ඔස්සේ නියෝග කල පුවත අසත්‍යයක් බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් අද (4) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

අදාළ මාධ්‍ය නිවේදනයට අනුව සිදුව ඇත්තේ අන්තර්ජාලයේ පලවන තොරතුරුවලට හාත්පසින්ම වෙනස් දෙයකි.

2021.06.02 දින සන්ධ්‍යා කාලයේදී මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය සරත් වීරසේකර මහතා හට මංජු ශ්‍රී නැමති නීතිඥ මහතා කතා කොට ඔහුගේ සේවාදායකයින් බදුල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ගෙන යන බවත් ඔවුන් සතුව මූලික අවශ්‍යතා පවා නොමැති බවත් පවසා ඇත. ඉන්පසු යම් කාන්තාවක් දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමා පියුමි හංසමාලී නැමැත්තිය බවත් තමා ඇතුළු කණ්ඩායමක් ඇඳන් සිටින ඇඳුම් පිටින්ම නිරෝධායනය සඳහා බදුල්ලට රැගෙන යන බව සඳහන් කරමින් තමන් ඇතුළු පිරිසට අමතර ඇඳුම් ආදිය රැගෙන යාමට අවස්ථාවක් ලබාදෙන ලෙසත්, පොලිසිය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඉන් අනතුරුව චන්දිමාල් ජයසිංහ නැමැති අයද දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඉහත ඉල්ලීම සනාථ කරමින් ආයාචනයක් කර ඇත.

ඉන්පසු ඇමතිතුමා විසින් මේ සම්බන්ධයෙන් පොලිස්පති සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත දැනුම් දීමෙන් අනතුරුව ඔවුන්ව තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඔවුන් බස්රථයේම සිටියදී අදාල ඉල්ලීම පරිදි ඔවුන්ගේ නිවෙස්වලින් අවශ්‍ය ඇඳුම් ඇතුළු සුභසාධක ද්‍රව්‍ය ගෙනත් දීමට අවසථාවක් සළසා අදාල බස්රථය නිරෝධායන නියෝගය පරිදි බදුල්ල පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත පිටත්කර යවා ඇත.

මෙහිදී කිසිදු අවස්ථාවක මෙම බස්රථය ආපසු හරවන ලෙස හෝ නිරෝධායනයට ලක්විය යුතු පිරිස නිරෝධායනයට ලක් නොකරන ලෙස හෝ ඇමතිතුමා විසින් කිසිම උපදෙසක් / නියෝගයක් ලබාදී නොමැති බවත්, ශ්‍රී ලංකා පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස මහජනතාව විසින් කරන ලද ඉල්ලීමක් සානුකම්පිතව සළකා බලාඅවශ්‍ය උපදෙස් දීමක් සිදුවූවා මිස වෙනත් උපදෙසක් ලබා දී නොමැති බවත් මාධ්‍ය ලේකම්වරයා අවධාරණය කර ඇත.

මෙම සිදුවීමේදී පමනක් නොව මහජනතාව විසින් පොලීසිය සම්බන්ධව ඉදිරිපත් කරන විවිධ ප්‍රශ්ණවලදී අමාත්‍යවරයා විසින් මහජනතාවට සවන් දෙමින්, මැදිහත්වෙමින් ක්‍රියාකර ඇති බව පෙන්වා දෙන මාධ්‍ය ලේකම්වරයා ඉහත සිදුවීමට අදාලව ව්‍යාජ හා අසත්‍ය තොරතුරු විවිධ පුද්ගලයින් විසින් ද්වේශසහගතව ප්‍රචාරය කර ඇති බව ද සඳහන් කර ඇත.

Related posts

රවී, රෝසි, සුදර්ශනි සමග පාප් තුමා බැහැ දකින්න ජනපති වතිකානුවට යයි

colombotoday

දේශබන්දු නැතුව යුක්තියට වුන දේ

Admin

මත් වූ අදමයන්ගේ – රියදුරු වලියෙන් පාරේ ගිය මවයි පුතායි බසයට යට වෙයි.

Admin

උණ්ඩු තොගයක් සමඟ පාතාල ගෝලයෝ දෙන්නෙක් අල්ලයි

Admin

යුද අපරාධ ලොක්කා මේ සතියේ ලංකාවට එයි.. කොටි ඩයස්පොරාව, NGO සතුටින් !!

colombotoday

මත්පැන් සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කරයි

Admin