Colombo Today Local News

ව්‍යාජ ලිපි පෙන්වා කොළඹට ඇතුළු වන අයට වසර 5ක සිරදඩුවම්

කොළඹ රැකියා කටයුතු කරන ස්ථානවලට තමා කැඳවා ඇතැයි ව්‍යාජ කැඳවීමේ ලිපි පෙන්වමින් කොළඹ නගරය ඇතුළු තදාසන්න නගරවලට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව යටතේ වසර පහක් දක්වා සිර දඬුවම් ලබාදීමේ නීති ප‍්‍රතිපාදන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

මෙම පිරිස් ඉදිරිපත් කරන ආයතනවලින් නිකුත් කළ බව කියන සියලූම ලිපි ජංගම දුරකථනවලින් මාර්ග රාජකාරී කටයුතු කරන පොලිස් නිලධාරීන් විසින් ඡායාරූප ගෙන ඇති බවත්, පසුව රාජකාරී කරන ස්ථානවල මෙම පිරිස් රැකියා කරනවාද යන්න ගැන සොයා බලන බවත්, ඔවුන් එම ස්ථානවල නොසිටියහොත් එම ආයතන ප‍්‍රධානීන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

මෙයට අමතරව එලෙස නිරෝධාන නීති කඩකරන පුද්ගලයන් සම්බන්ධයෙන් රුපියල් පනස්දාහක දඩ මුදලක්ද පැනවීමට හැකි බව හෙතෙම කියා සිටියේය. නිරෝධාන නීති කඩකරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය. ව්‍යාජ සේවා කැදවීමේ ලිපි යොදා ගනිමින් විශාල පිරිසක් කොළඹ නගරයට මැයි 31 වැනිදා ඇතුළු වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

Related posts

පොලිස් ස්ථානාධිපතිවරුන් 23කට ස්ථාන මාරුවීම්

colombotoday

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට රජයේ අවධානය

colombotoday

මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ

colombotoday

කොරෝනා මර්දන එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහර

Admin

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

colombotoday