Colombo Today Local News

පාර්ලිමේන්තු පොලිසියේ තවත් නිලධාරීන් තිදෙනෙකුට කොරෝනා

පාර්ලිමේන්තු පොලිසියේ තවත් නිලධාරීන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊය (1)දින හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ නිලධාරීන් තිදෙනා අතර සැරයන්වරු දෙදෙනෙක්ද වෙති.

පාර්ලිමේන්තු පොලිසියේ මේ දක්වා කොරෝනා ආසාදිතවූ නිලධාරීන් සංඛ්‍යාව 9කි.

මින් පස්දෙනකු තවමත් ප්‍රතිකාර ලබන බවද සිව්දෙනකු සුවවී ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම ආසාදිතයන් හමුවීමෙන් පසුව පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ නිලධාරීහු 75දෙනෙක් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති. මින් දෙදෙනකු නිරෝධායනයට යොමු කරනු ලැබ ඇත්තේ ගතවූ පැය 24 දීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය,නියෝජ්‍ය මහලේකම් කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයකින්ද කොරෝනා ආසාදිත සේවකයෝ කිහිප දෙනෙක් පසුගිය දිනවල සොයා ගනු ලැබූහ.

මේ අතර පාර්ලිමේන්තුව ලබන 8 වෙනිදා යළි රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු රැස්වීම් ලබන සතියේ පැවැත්වෙන ආකාරය පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 7 වැනිදා උදේ 9.30ට පැවැත්වේ.

Related posts

සම්බන්ධන් නව අගමැති මහින්ද හමුවේ…

colombotoday

හිස්බුල්ලා කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවන තැතක…

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් වලින් ඇත්ත හංගලා… පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි !

colombotoday

Free Wi-fi දෙන්න තව කාලයක් යනවා.. පාස්කු බෝම්බය නැත්තම් මෙලහකටත් දීලා !

colombotoday

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

Admin