Covid 19

ගැබිණි මවකගේ කුස තුල සිටි බිළිඳියක් කොවිඩ් මාරයා බිලි ගනී

ගැබිණි මවකගේ කුස තුලදි මියගිය සති 37ක් වියැති බිළිඳියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය වී ඇත.

ගැබිණි මව දරු ප්‍රසුතිය සදහා ගාල්ල මහමෝදර මාතෘ රෝහලට ඇතුලත්ව ඇති අතර කුස තුලදි දරුවා මියගොස් ඇත.

මිය යාමෙන් පසුව බිළිදියට කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ගැබිණි මව බුස්ස මහමුදලි මාවතේ පදිංචිකාරියකි. ඇයට කොවිඩ් වෛරසය ආසාදනය විම නිසා කරන්දෙණිය කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලැබ යලි නිවසට පැමිණ ඇත. පසුව දරු ප්‍රසුතිය සදහා මහමෝදර මාතෘ රෝහලට ඇතුලත්ව ඇත.

මෙම ගැබිණි මවගේ දරු දෙදෙනා හා සැමියා ද නිවස තුල නිරෝධායනයට ලක්කොට ඇත. මියගිය බිළිඳියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් කරාපිටිය ශික්ෂණ රොහලේ දි පවත්වනු ලැබිය. පශ්චාත් මරණ පරික්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරි සමාධිදන්දෙණියආරච්චි මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා මියගිය බිළිඳියගේ සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සදහා යොමු කොට තීන්දුව පසුවට තබා දේහය නිදහස් කරනු ලැබිය.

Related posts

වෛද්‍ය සිසුවෙකුටත් ඩෙල්ටා ආසාදනය වෙයි

colombotoday

ඇඟලුම් කම්හලක 120ට කොවිඩ් | පහකට ඩෙල්ටා ආසාදිතයි.

colombotoday

නව ආසාදිතයින් 2,039ක්

colombotoday

බස්නාහිරින් පිටවීමට ගිය කොවිඩ් ආසාදිතයින් 103ක් හදුනා ගනී.

colombotoday

දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට කොරෝනා.

colombotoday

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

colombotoday