Colombo Today Local News

රු. 5000 දීමනාවට අදාළ ලැයිස්තු සැකසෙයි | 10,000 ක බඩු මල්ල ලැබෙන්නේ මේ අයටයි

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පිඩාවට පත්වන මහජනතාව සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමට අදාළ ලේඛන සකස් කිරීමේ කටයුතු අද (31)දින සිට ඇරඹීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම සතිය තුළ අදාළ දීමනාව ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවත් අවශ්‍ය උපදෙස් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නිකුත්කර ඇති බවත් සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා,

“රුපියල් 10,000 බඩු මල්ල ලබාදීම සිද්ධවෙන්නේ, නිරෝධායනය කරන ලද පවුල්වලට. ඒ අය අඩු ආදායම් වුනත් නොවුනත්. ඒ බඩු මල්ල රජය විසින් ලබාදෙනවා. එයට හේතුව තමයි නිරෝධායනය කරාට පස්සේ රු 5000 ගන්න යන්නත් බෑ. රු 5000න් බඩු ගන්න යන්නත් බෑ. ජංගම රථවලින් බඩු ගන්නත් තහනම්. ගෙදරින් එළියට එන්න බෑ හරි විදියට නිරෝධායනය වෙනවා නම්. ඒ නිසා තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ ඇති බඩුමල්ලක් ගෙදරට ගිහින් දෙන්නේ.“

Related posts

අදත් දුම්රිය කිහිපයක් අවලංගුයි

colombotoday

කොටියා කෑ ගොවියෙකු මරුට

colombotoday

මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්වීය යුතුයි

colombotoday

ටෙලිකෝම් තනතුරුවලට ජනපති – අගමැති පාර්ශව ප්‍රසිද්ධියේ ගැටෙති.

colombotoday

අදානි ලොක්කා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවෙයි.

colombotoday

ගාලු ගිය ගයේෂාට ශ්‍රීලනියෙන් ලොකු තනතුරක් දෙයි.. “මොරටු කාන්තාවන්ගේ නායිකාව මමයි” – ගයේෂා

colombotoday