World

ටාසන් චරිතයට පණ පෙවූ ජෝ ලාරා මියයයි

ලෝක ප්‍රසිද්ධ ටාසන් චිත්‍රපටයේ ටාසන්ගේ චරිතයට රගපෑ අමෙරිකාවේ ප්‍රවීණ නළුවෙකු වු ජෝ ලාරා ඇතුළු 07 දෙනෙකු ගුවන් අනතුරකින් මියගොස් තිබේ.

අමෙරිකාවේ නැෂ්විල් නගරයට ආසන්න ප්‍රදේශයකට ජෝ ලාරා ඇතුළු පිරිස ගමන් ගත් ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගිය පිරිසට අතර ජෝ ලාරාගේ බිරිඳ ද වන බව විදෙස් වාර්තා පැවසීය.

යානය කඩා වැටෙන අවස්ථාවේ එහි 07 දෙනෙකු ගමන් කර ඇති අතර අතර අනතුරින් සියලුදෙනාම මියගොස් ඇති බව වාර්තා වේ.

ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු ලෙස සැලකෙන 58 හැවිරිදි ලාරා 1989 වසරේ දි “ටාසන් ඉන් මෑන්හැටන්” චිත්‍රපටයේ පළමු වරට ටාසන්ගේ චරිතයට රංගනයෙන් දායක වී ඇති අතර පසුව 1996 වර්ෂයේ දී “ටාසන් ද එපික් ඇඩ්වෙන්චර්ස්” නම් කතා මාලාවට රංගනයෙන් දායක වී තිබේ.

Related posts

දින 6ක් තුළ බෝම්බ 6000ක් ගාසා තීරයට

Admin

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට

colombotoday

බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට

colombotoday

වෙඩි වැදුණු ඉම්රාන් ඛාන්ට සැත්කමක් – පුද්ගලයෙකු මරුට, තවත් 5කට තුවාල…

Admin

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පෙරමුණට

Admin

අපරාධකරුවන් මර්දනයට රෝබෝවරු යොදාගන්න යෝජනාවක්

Admin