සංචරණ නියෝග ක්‍රියාත්මක වෙමින් තිබියදී අක්කරෙයිපත්තු ව සිට කොළඹ බලා පැමිණෙමින් සිටි බස් රථයක් ඉඟිනියාගල නාමල්ඔය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කියයි.
එම බස් රථයේ සිටි රියැදුරු කොන්දොස්තර ඇතුළු මගින් 48 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අත්අඩංගුවට ගත් බස් රථය සමඟම පුද්ගලයින් සියලුම දෙනා අද දින අම්පාර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.