World

ඔස්ට්‍රියාවේ මුස්ලිම් සිතියමක් ප්‍රසිද්ධියට පත්කරයි.

ඔස්ට්‍රියාවේ මුස්ලිම් පල්ලි 600 කට අධික සංඛ්‍යාවක නම්, ස්ථානය සහ විදේශයන් සමග ඇති සම්බන්ධතා පෙන්වන සිතියමක් පසුගිය බ්‍රහස්පතින්දා(27) එළිදැක්වීමට ඔස්ට්‍රියානු රජය ක්‍රියා කර ඇත.

මේ අතර මුස්ලිම් යූත් ඔස්ට්‍රියව (එම්.ජේ.ඕ) නැමති සංවිධානය ඊට එරෙහිව නඩු පවරන බව ඊයේ(29) නිවේදනය කළේය.

“මුස්ලිම් සහ මුස්ලිම් අනුබද්ධ සංවිධානවල සියලුම නම්, කාර්යයන් සහ ලිපිනයන් ප්‍රකාශයට පත් කිරීම සීමාවන් ඉක්මවා යාමක් පෙන්නුම් කරයි” යැයි මුස්ලිම් යූත් ඔස්ට්‍රියා සංවිධානය පැවසීය.

මෙම සිතියම “අනුමත කළ නොහැකි” බව තුර්කි විදේශ අමාත්‍යංශය සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඔස්ට්‍රියාවේ මුස්ලිම් නියෝජිත කවුන්සිලය බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, සියලු මුස්ලිම්වරුන් අපකීර්තියට පත්කිරීම රජයේ අභිප්‍රාය බවයි. .

Related posts

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

colombotoday

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin

ඇමරිකානු ගුවන් කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

රුසියාව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වෙයි

colombotoday

දේව මෙහෙයකට සහභාගී වු 40 කට කොරෝනා

colombotoday

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

colombotoday