Colombo Today Local News

‘පැහැරගැනීමට හිරුණිකා සම්බන්ධ බවට සාක්ෂි නෑ.. අත්අඩංගුවට ගන්න බෑ’ – ශ්‍රී ලංකා පොලීසිය

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු පැහැරගෙන යැමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් සාක්‌ෂි මේ වන තුරු ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්‌ඨාසය පවසයි.

තරුණයා පැහැරගෙන යැමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මියගෙන් කොළඹ අපරාධ කොට්‌ඨාසය දෙවරක්‌ ප්‍රශ්න කළද ඇය මෙම පැහැරගෙන යැමේ සිද්ධියට සෘජුව සම්බන්ධ වූ බවට තොරතුරු අනාවරණය වී නැති බව අපරාධ කොට්‌ඨාසය වැඩිදුරටත් කියා සිටියි.

පොලිසිය පවසන්නේ හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මියගේ පෞද්ගලික ආරක්‌ෂකයන් පිරිසක්‌ ඇගේ අනුදැනුමකින් තොරව ඇයට අයත් ඩිෆෙන්ඩර් ජීප් රථය රැගෙන ගොස්‌ මෙම තරුණයා පැහැරගෙන ගොස්‌ ඇති බවයි.

එහෙත් පැහැර ගැනීමට ලක්‌වූ තරුණයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කරමින් කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළොන්නාවේ පිහිටි ඇයට අයත් කාර්යාලයේදී තමන්ට තර්ජනය කළ බවයි.

Related posts

මෛත්‍රී භාවනාවයි, ආනාපානසතියයි පොලීසියට අනිවාර්ය කරයි !

colombotoday

තලතා කෝට්ටේ සංඝ සභාවට විනය උගන්වන්න යයි.. අඹ කෝ ඇහුවම දෙල් පෙන්නයි

colombotoday

ජනාධිපති ලේකම් ධුරය සමන් ඒකනායකට 

colombotoday

සෑම මසකට වරක්ම පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට හමුවක්

colombotoday

බුලත් කොරටුවේ වැවූ ගංජා මාට්ටු

Admin

අධි ආරක්ෂිත කළාපය මහජනයා සඳහා විවෘත වෙයි

colombotoday