Colombo Today Local News

ලීසිං සහ ණය හිමියන්ට සහන ලබා දීමට රජයේ අවධානය

කොරෝනා හේතුවෙන්, පීඩාවට පත්ව සිටින ලීසිං හිමියන් සහ ණය හිමියන් සඳහා සහන ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්ය සාධන බලකාය පැවසුවේ, ඒ සම්බන්ධයෙන්, මේ වනවිට විවිධ ඉල්ලීම් ලැබී ඇති බවය.

දෛනික ආදායම් බිඳ වැටීම හමුවේ, පිඩාවට පත් ජනතාවට ලීසිං වාරික ගෙවීමේදී සහ ණය වාරික ගෙවීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ පුර්ණ අවධානය යොමු කර ඇතැයි ද, ජනාධිපති කාර්ය සාධක බලකාය පැවසුවේය.

ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කළේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කර, අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවය.

Related posts

පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය ?

colombotoday

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය : අධිකරණය රස පරීක්ෂක වාර්තා කැඳවයි

Admin

ඇවන්ගාඩ් පවරාගැනීමෙන් රජය ඇන ගනී.. ගිවිසුම කැඩුවොත් ඩොලර් කෝටි 40ක් ගෙවන්න වෙයි

colombotoday

හිටපු ජනපති මහින්ද ළඟදීම ශ්‍රිලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday

නිරෝධායන නීති නොතිබුණ ද සංචරණය සීමා කරන්න – පොලීසිය

colombotoday