Covid 19

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 61 දෙනකු ඊයේ(20)දින සවස් වන විට හමුවී ඇති බව වාර්තා වේ.

නව ආසාදිතයින් හමුවීමත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදියන් 3010 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු සඳහන් කරයි.

එම නව ආසාදිතයින් අඹගමුව, හගුරන්කෙත,කොටගල, කොත්මලේ, මස්කෙළිය, නුවරඑළිය, රාගල, වලපනේ, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද වාර්තා වේ.

Related posts

දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්.. බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක

colombotoday

චමල් රාජපක්ෂටත් කොවිඩ්

colombotoday

CID අයෙකුට හා පොලිස් ප්‍රභූ ආරක්ෂක බලකායේ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

colombotoday

ගෙවුණු දිනයේත් වැඩිම ආසාදිතයින් වාර්තාවීම කුරුණෑගලින්

colombotoday

කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday