World

සටන් විරාමයට දෙවියන්ට ස්තූති කරමින් සතුට සැමරු ගාසා වැසියෝ

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් අවසන් කරමින් හමාස් සංවිධානය සමග ඊශ්‍රායලය සටන් විරාමයකට පැමිණීමේ සතුට සමරමින් ගාසා වැසියෝ ඊයේ අලුයම 2.00ට පමණ වීදිවලට පැමිණ “දෙවියන්ට ස්තූති වේවා” යනුවෙන් පවසමින් ප්‍රීතිඝෝෂා පැවැත් වූ බව විදෙස් වාර්තා පවසයි.

රාමසාන් උපවාසයේ අවසානය සනිටුහන් කරන ප්‍රීතිමත් මුස්ලිම් මංගල්‍යයක් වන ඊද් අල්-ෆිතර් සැමරීමට පසුගිය සතියේදී ඔවුන්ට අවස්ථාව අහිමි වූයේද මෙම ගැටුම්කාරී තත්ත්වය නිසායි.

පලස්තීන ජාතිකයන් රැසකට ජීවිත අහිමි කළ, ගොඩනැගිල් රැසක් අලු දුහුවිලිවලට පත්කළ ගැටුමේ අවසානය දැකීමෙන් ප්‍රිතියට පත් ඔවුහු,”දෙවියන් ශ්‍රේෂ්ඨයි, දෙවියන්ට ස්තුති වේවා” යනුවෙන් අරාබි බසින් කෑ ගසා ඇත.

මෙම පුවතත් සමග මෝටර් රථවලින් ගාසා තීරයේ ප්‍රධාන වීදි පිරී ගිය අතර, රියදුරන් වාහන නළා හඬවමින්ද, ඇතැම් අය ජනේලයන්ගෙන් තුළින් පිටතට පැමිණ පලස්තීන ධජ අතින් රැගෙන ගමන් කරන ආකාරයක් දැකිය හැකි විය.

මේ අතර මුස්ලිම් පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින්, “ජෙරුසලම අත්පත්කර ගැනීමට එරෙහිව සටනේදී ජෙරුසලමේ අසිපත් ජයගත්තා” යනුවෙන් ප්‍රශංසා කර ඇති අතර වීදිවල සැරිසැරූ ඇතමුන් ගිනිඅවි අතැතිව අහසට වෙඩි තැබූ අතර, තවත් අය රතිඤ්ඤා දන්වමින් සතුට සමරා තිබේ.

දෙවියන්ට ස්තූති කරමින් සටන් විරාමය සැමරූ  මිනිස්සු

Related posts

“ඇමරිකාවේ මුස්ලිම් පල්ලි වහාම වසා දැමිය යුතුයි” ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

colombotoday

හැරී පොටර් නළු Michael Gambon මිය යයි

Admin

කොවිඩ් එන්නත ගන්න අයට ඩොලර් 100 ක්

colombotoday

වසර 03කින් එළිදැක්වීමට නියමිත GTA 6 හැක් කළ 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

colombotoday

ඇෆ්ඝනිස්තාන විනිසුරුවරියන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

colombotoday

සිරගතව සිටි සැම්සුන් සමාගමේ ප්‍රධානියා නිදහස් කරයි

colombotoday