Colombo Today Local News

පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි සාමාජිකයෙක් බව පැවසෙන ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” නමැත්තා ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දෙන බව නීතිපතිවරයා අද (20)දින අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

තමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා “පොඩි ලැසී” විසින් ඉදිරිපත් කළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී “පොඩි ලැසී” වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු මීට පෙර වෙනත් පොලිස් ඒකක වෙත මාරු කිරීමෙන් පසුව විමර්ශන සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේ දී ඇති වූ ගැටුම්වලින් ඔවුන් මියගොස් තිබූ බව පොලීසිය විසින් සඳහන් කර තිබුණේ යැයි පැවසීය.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින තම සේවාදායකයාට ද මෙවැනි ඉරණමක් අත් වනු ඇතැයි බියක් සිය සේවාදායකයා තුළ මතු වී තිබෙන බවත් එබැවින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Related posts

ඉතිරිවුණේ ඇදිවත පමණයි.. ආණ්ඩුවේ තක්සේරු පිළිගන්න බෑ.. සාලාවේ ව්‍යාපාරිකයෝ

colombotoday

විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බ කතාවට ජානිපෙ හරස් වෙයි… ජාතියෙන් සමාව ගන්න කියයි

colombotoday

අවිස්සාවේල්ලේ “ගවුස්” ගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

බියගම වගේ රට පුරා නවීන වාණිජ කාර්මාන්ත කරණයක් කරනවා – ජනපති රනිල් කියයි

Admin

හම්බන්තොට ගිවිසුම අද අත්සන් කරයි.. උද්ඝෝෂණ විරෝධතා තහනම් !

colombotoday

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday