මේ වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව ඇති 20-20 ලෝක කුසලානය සඳහා නැවත පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටි දකුණු අප්‍රිකානු හිටපු විශිෂ්ට පිතිකරුවෙකු වන ඒ.බී.ඩිවිලියස්, දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමග පැවැති සාකච්ඡාවලින් අනතුරුව නැවතත් ජාත්‍යන්තර පිටියට පැමිණීම අත්හැර තිබේ.
දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ 2018 වසරේ මැයි මාසයේදී සමුගත් ඩිවිලියස් නැවතත් ජාත්‍යන්තර පිටියට නොපැමිණෙනු ඇති බවයි.