Colombo Today Local News

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගැන ඥාතීන්ට දැන ගන්න තොරතුරු කේන්ද්‍රයක්

බන්ධනාගාරයෙන් හමුවන කොවිඩ් ආසාදිත රැඳවියන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමෙන් පසුව ඔවුන් පිළිබඳ තොරතුරු විධිමත්ව හා නිවැරදිව ඔවුන්ගේ ඥාතීන්ට ලබා ගැනීම සඳහා කොවිඩ් තොරතුරු කේන්ද්‍රයක් බන්ධනාගාර මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.

මෙහිදී බන්ධනාගාරගතව සිටින තම ඥාතියා කොවිඩ් ආසාදිත රැඳවියෙක් නම්, ඔහු පිළිබඳ තොරතුරු අවශ්‍ය අය හට 011 4 677 101 දුරකතන අංකය ඔස්සේ ලබා ගැනීමට හැකියාව පවතී.

එහිදී රැඳවියා රඳවා සිටි ආයතනය, PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කළ දිනය හා දැනට ප්‍රතිකාර ලබමින් සිටිනා ප්‍රතිකාර මධ්‍යස්ථානය යනාදී කරුණු දැනගැනීමට හැකි ය.

මීට අමතරව එම රැඳවියා රඳවා සිටි බන්ධනාගාරයෙන් ද ඔහු පිළිබඳ එම තොරතුරු ලබාගැනීමට හැකි අතර ඒ සඳහා එම බන්ධනාගාරයේ දුරකතන අංකයන් http://prisons.gov.lk/web/ යන බන්ධනාගාර වෙබ් පිටුවෙන් ලබාගත හැකි වේ.

බන්ධනාගාර ආයතන දුරකතන නාමාවලියට පිවිසෙන්න..

🔺http://prisons.gov.lk/old_web/Telephone_index/Teleprisons_sinhala.htm

Related posts

ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් හඳුනාගනී

Admin

16 කණ්ඩායම ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ බලය අල්ලයි.. මීළග පාර්ලිමේන්තු දිනයේ නොසිතන පෙරළියක්

colombotoday

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි.

colombotoday

සිමෙන්ති සැඟවූ කඩ 10කට වැඩ වරදී

colombotoday

සජිත් – මෛත්‍රී රහස් හමුවක් !

colombotoday

වරකාගොඩ ඥාණරතන හිමියෝ අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක ධුරයට පත්වෙති

colombotoday