World

පලස්තීන භූගත මාර්ග පද්ධතියට ඊශ්‍රායලය ගුවන් යානා 160 කින් පහර දෙයි.

ඊශ‍්‍රායල නගරවලට දිගින් දිගටම රොකට් ප‍්‍රහාර එල්ල කිරීම හේතුවෙන් හමාස් ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායම සතුව ගාසා තීරයේ පවතින උමං මාර්ග ජාලයක් විනාශ කර දැමීම සඳහා කාලතුවක්කු සහ ගුවන් ප‍්‍රහාර මාලාවක් ඊශ‍්‍රායල ආරක්ෂක අංශ විසින් එල්ල කර තිබේ.

මෙම මෙහෙයුම සඳහා ගුවන් යානා 160 ක් සහ යුද ටැංකි හා කාලතුවක්කු වෙඩි තැබීම් ඇතුළත් වූ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් ජොනතන් කොන්රිකස් පැවසීය.

ගාසා තීරයේ පාලක හමාස් ත්‍රස්ත කණ්ඩායම ජෙරුසලමේ සහ ටෙල් අවිව් වෙත රොකට් ප්‍රහාර දියත් කළේ ජෙරුසලමේ අල්-අක්සා පල්ලිය අසල පලස්තීනුවන් සමඟ ඊශ්‍රායල පොලිස් ගැටුම්වලට ප්‍රතිප්‍රහාරයක් වශයෙනි.

ගාසා තීරයේ ළමුන් 31 ක් හා කාන්තාවන් 19 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 119 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 830 දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන වෛද්‍ය නිලධාරීහු පවසති.

ඊශ‍්‍රායලයේ මරණ සංඛ්‍යාව අටක් විය. ගාසා තීරයේ මුර සංචාරයේ යෙදී සිටි සෙබළෙක්, දරුවන් දෙදෙනෙකු ඇතුළු ඊශ‍්‍රායල් සිවිල් වැසියන් හය දෙනෙකු සහ ඉන්දීය කම්කරුවෙකු ඒ අතර සිටින බව බලධාරීහු පවසති.

මානුෂීය කටයුතු සම්බන්ධීකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පැවසුවේ නිවාස 200 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී හෝ දැඩි ලෙස හානි වී ඇති බවත් උතුරු ගාසා තීරයේ පාසල්වල අවතැන් වූ සිය ගණනක් ජනයා පිළිබඳ වාර්තා පවතින බවත් ය.

ඊශ්‍රායලය පවසන්නේ ප්‍රහාරවලට පෙර අනතුරු ඇඟවීම ඇතුළුව සිවිල් ජීවිතය ආරක්ෂා කිරීමට ගත හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.

“අප ඉලක්ක කළේ ගාසා තීරයට යටින් විහිදෙන උමං පද්ධතියකි. හමාස්හි ක්‍රියාකාරීන් ගමන් කිරීම සඳහා, සැඟවීමට, ආවරණය සඳහා භාවිතා කරන ජාලයකි,” ඊශ්‍රායල හමුදා ප්‍රකාශක විදේශීය වාර්තාකරුවන්ට පැවසීය.

“අපි එය (මෙට්රෝ) ලෙස හඳුන්වන්නෙමු,” ඔහු කියා සිටියේ මෙහෙයුමේ ප්‍රතිඵල පිළිබඳ අවසන් තක්සේරුවක් ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර, බටහිර ඉවුරේ රමල්ලා නගරය අසලදී පලස්තීන ජාතිකයෙකු සොල්දාදුවෙකුට පිහියෙන් ඇනීමට උත්සාහ කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි. සොල්දාදුවා පහර දුන් තැනැත්තාට වෙඩි තැබීය. පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉරිදා නරක අතට හැරෙන ප්‍රචණ්ඩත්වය ගැන ප්‍රසිද්ධියේ සාකච්ඡා කරනු ඇති බව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පැවසූහ.

Related posts

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

colombotoday

කොරෝනාවෙන් සුවය ලබන්නන් අවදානමේ | ඉන්දියාවේ 4,300ක් කළු දිලීරය ආසාදනයෙන් මිය යයි

colombotoday

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Admin

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

colombotoday

අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරක්

Admin

ඇතින්නක් සිටගෙන සිටි ඉරියව්වෙන් ම මරණයට පත් වූ පුවතක් කේරළයෙන්

colombotoday