Colombo Today Local News

ලොක්ඩවුන් නම් රු.5000 ක්, නිරෝධායනය නම් රු.10,000 ක්. රජයෙන් ලබා දීමට යයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට රු.5000 දීමනාව යළිත් වරක් ලබා දීම කඩිනම් කිරීමට රජය සුදානම් වෙයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (11) රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ නායකයින් සමඟ සාකච්ජාවක්
අරලියගහ මන්දිරයේදී පැවැත්වූ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේ.

මෙහිදී හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට රු.5000ක දීමනාවක්ද , නිරෝධායනය වෙමින් සිටින ජනතාවට රු.10,000ක බඩු මල්ලක්ද ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් එම හමුවට සහභාගී වී ඇති අතර එන්නත් දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යාම ගැනත් සෙසු පහසුකම් මෙන්ම රෝහල්වල ඇඳන් ලබා දීම පිළිබඳව අගමැතිතුමා උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා පැවසිය.

ඒ අනුව අවශ්‍යතාව පරිදි සීමාවකින් තොරව මේ සඳහා මුදල් වැය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගත් තීන්දුවත් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඉන්දික ශ්‍රී අරවින්ද

Related posts

“අනවශ්‍ය හමුදා කඳවුරු ඉවත් කර, ඉඩම් සාමාන්‍ය ජනතාවට ලබාදිය යුතුයි” – හකීම්

colombotoday

“ලංකාවට සිදුවූ හානියට නෞකාවෙන් අන්තර් වන්දියක් ඉල්ලනවා..”

colombotoday

“මරණ දණ්ඩනය ඉවත් කරන්න පනතක් ගෙනාවොත් එදා ජාතික ශෝක දිනයක් කරනවා” ජනපති

colombotoday

“ඥානසාර හිමිත් ඇලෝසියස්ගෙන් සල්ලි අරන්” කතාව බොරු – රන්ජිත් ද සොයිසා

colombotoday

හෙළයේ මහා ගාණ්ධර්වයන්ගේ අවසන් කටයුතු: සජීවී විකාශය

colombotoday

යුද හමුදාවේ නිලධාරීන් 514කට සහ සෙසු නිලයන් 14140කුත් උසස් කෙරේ

colombotoday