ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදය ආසාදිත දෙදෙනකු හඳුනා ගෙන ඇති බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.
කන්තලේ හා උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල ආසාදිතයන්ගෙන් ලබාගත් සාම්පල තුනක් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට යවා සිදුකල පර්යේෂණයෙන් එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදය වන UK-B.1.1.7නැමැති ප්‍රභේදය දෙදෙනකුට ආසාදනය වි ඇති බවට මෙලෙස සොයාගෙන තිබේ.
ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ ආසාදිතයන් සෙවීමේ කටයුතු පුළුල් කර තිබේ.