Colombo Today Local News

ශ්‍රී ලංකාවේ මගී ගුවන්යානා ඇතුළු වීම රටවල් කිහිපයක් අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර තිබේ.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය ද හෙට (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් අත්හිටුවන බව ඊයේ (10)දින නිවේදනය කළේය.

මීට අමතරව මැලේසියාව හා මාලදිවයිනය ද මෙරට මගී ගුවන් යානා ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ අතර විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා මගීන් 75 දෙනෙකුට පමණක් සීමා කිරිමට ශ්‍රී ලංකා රජය පසුගියදා තීරණය කර තිබුණි.

Related posts

බදියුදීන්ගේ මාරාන්තික ප්‍රහාරයෙන් පසු මෙරට ගම්මිරිස් වගාවට තවත් හෙණයක්…

colombotoday

අධිකරණ නියෝග නොතැකු සිව් දෙනෙක් ගාලු මුවදොර දී අත්අඩංගුවට

colombotoday

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

colombotoday

සංවිධානය කළ උත්සව-චාරිකා නවත්වන්න – යුද හමුදාපති

colombotoday

විග්නේෂ්වරන් අසරණ වෙයි… උදව් ඉල්ලා ජනපතිට ලියයි

colombotoday

100%ක් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ගෝඨාභය ඡන්දය භාවිතා කරයි !

colombotoday