Colombo Today Local News

සිලින්ඩරයකින් 700 ක් පාඩුයි. මිල ඉහළ දාන්න ඕනි. නැත්නම් ගෑස් හිඟ වෙයි. | ලාෆ්ස් ගෑස් ලොක්කා කියයි.

රජය ගෑස් සමාගම්වලට ඇහුම්කන් නොදුණ හොත් ඉදිරියේදී වෙළෙදපොලේ ගෑස් හිඟයක් ස්භාවයෙන්ම නිර්මාණය වන්නේ යැයි ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පවසයි.

ලෝක වෙළෙදපොලේ ගෑස් මිල ඉහළ යෑමට සාපේක්‍ෂව දේශීය වෙලෙදපොලේ ගෑස් මිල ඉහළ දැමීමට මාස හයක පමණ කාලයක සිට ඉල්ලීම් කරමින් සිටින බවත් රජය එයට ඇහුම්කන් නොදීම නිසා මෙම තත්වය නිර්මාණය වී ඇති බවත් සභාපතිවරයා කියයි.

පසුගිය වසරේ අප්‍රේල් මස වන විට ලෝක වෙළෙදපොලේ ගෑස් ටොන් එකක් ඇමරිකාන් ඩොලර් 325 ක්ව පැවැති බවත් පසුගිය අප්‍රේල් මස ගෑස් ටොන් එකක් ඩොලර් 650 දක්වා ඉහළ ගොස් මිල සියයට 260 කින් පමණ මිල වැඩි වී ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

සභාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ අරක්කු බෝතයකට වඩා අඩු මිලකට ගෑස් සිලින්ඩරයක් මිලදී ගතහැකි තත්වයක් නිර්මාණය වී ඇති බවත් සමාගම් මේ වන විට කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයකින් රුපියල් 700 ක පමණ පාඩුවක් ලබන බවත්ය. ලෝක වෙළෙදපොලේ ගෑස් මිල වැඩි වී ඇතැයි යන සත්‍ය ජනතාවට තේරුම් කරදී මිල වැඩි කිරීමට කටයුතු නොකළ හොත් ගෑස් කර්මාන්තය තවදුරටත් බිඳ වැටෙන බවත් සභාපතිවයා වැඩි දුරටත් කියා සිටියි.

Related posts

විමල් වරදකරුවෙයි… ටිල්වින්ට කෝටියක් ගෙවන්න අධිකරණය නියෝග කරයි…

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday

ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්ක 12 ක් හදුනා ගැනේ

colombotoday

ගංජා කිලෝ 1,481ක් ආයුර්වේද සංස්ථාවට

colombotoday

මහ බැංකුවේ නිලධාරීන් COPE කමිටුවට කැඳවයි

colombotoday