Covid 19

කොරෝනා ආසාදිත කත රෝහලේ ඉඩ නැතිව බසයෙන් ගෙදර ගිහින්

උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම හේතුවෙන් ඉකුත් 28 වැනිදා සුවසැරිය ගිලන් රථයකින් දඹදෙණිය මූලික රෝහලට ඇතුළු වූ අලව්ව රත්තරන් හේන පදිංචි කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණයෙන් හඳුනාගෙන ඇත.

මේ බව පෙරේදා (01 වැනිදා) හඳුනාගත් අතර රෝහල තුළ ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බැවින් තම නිවසට වී සිටින ලෙස ඇයට දන්වා ඇත.

ඉන් අනතුරුව ඇය දඹදෙණිය රෝහල අසල සිට ගිරිඋල්ල දක්වා බස්රථයකින් ගමන් කොට නැවත වරක් ගිරිඋල්ලේ සිට මීරිගම විලවත්ත දක්වා ද බස්ථයකින් ගමන් කොට ඇත.

නැවත විල්වත්තේ සිට යත්තල්ගොඩ දක්වා දුම්රියෙන් පැමිණ රත්තරන් හේන පිහිටි නිවසට ගොස් ඇත.

පසුව මෙම කාන්තාව එදින සවස දඹදෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාය වෙත යොමුකළ බව අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

Related posts

තවත් තහවුරු කළ කොවිඩ් මරණකරුවන් 46ක්

colombotoday

තහවුරු වූ තවත් කොවිඩ් මරණ 63ක් | සමස්ත මරණ ගණන 4258ක් දක්වා ඉහළට

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශයක කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක්ට කොවිඩ් .

colombotoday

තවත් කොවිඩ් මරණ 20ක්

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday