World

චාර්ල්ස් කුමරු නිල වශයෙන් හෙට කිරුළු පළදි

ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේදී හෙට (10)දින චාර්ල්ස් කුමරු නිල වශයෙන් තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස කිරුළු පැළඳීමට නියමිත බව විදෙස් මාද්‍ය පවසයි.

කිරුළු පැළඳීමේ උත්සවය සඳහා 700 ක් පමණ පිරිසකට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇත.

රැජිනගේ අභාවය හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ කිරුළ චාර්ල්ස් කුමරු හට වහාම හිමිවෙන බවත් ඔහු තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස බ්‍රිතාන්‍ය කිරුළ දරන බවත් විදෙස් මාද්‍ය වාර්තා කළේය.

කිරුළ චාර්ල්ස් කුමරු හට වහාම ලැබුණත් රජු ලෙස කිරුළු පැළඳීමට පෙර ප්‍රායෝගික හා සම්ප්‍රදායික පියවර ගණනාවක් සම්පුර්ණ කිරීමට තිබෙන බව පෙන්වා දෙයි.

රාජාභිෂේක උත්සවයේදී, චාර්ලස් කුමරු ලෝකයා ඉදිරියේ හෙට (10)දින රජු ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති අතර එහිදී කැන්ටබරි අගරදගුරුතුමා සෙංකෝලය චාර්ල්ස් කුමරුට පිරිනැමීමෙන් අනතුරුව රන් ඔටුන්න චාර්ල්ස් කුමරුගේ හිස මත පළඳවමින් නිල වශයෙන් තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස චාර්ල්ස් කුමාරයාට කිරුළු පැළඳවීම සිදු කරයි.

චාර්ල්ස් කුමරු රජ වූ පමණින් ඉබේම විලියම් කුමරු හට ‘වේල්සයේ කුමාරයා‘ තනතුර නොලැබෙන බවත් එය විලියම් කුමාරයා හට පිරිනමන වාද නැද්ද යන්න තුන්වෙනි චාර්ල්ස් රජුගේ තීරණයක් බවත් විදෙස් මාද්‍ය සඳහන් කළේය.

දෙවැනි එළිසබෙත් මහ රැජිණ ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාළිගයේදී ඊයේ (8)දින අභාවප්‍රාප්ත වූවාය. ඇය මෙලොවින් සමුගනිද්දී 96 හැවිරිදි වියේ පසු වූවාය.ඇය වසර 70 ක් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරුවාය.

Related posts

අපේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔළු කුඩුවිය හැකියි – චීන ජනපති විදෙස් බලවතුන්ට අනතුරු අඟවයි

colombotoday

ISIS සංවිධානයෙන් ඉවත්වෙන්නයි කිවූ අම්මට, පුතා වෙඩි තබා මරා දමයි

colombotoday

කොවිඩ් ප්‍රභේදවලට ග්‍රීක අකුරුවලින් අලුත් නම්

colombotoday

“ත්‍රස්තවාදීන්ට වධ දුන්නාට ප්‍රශ්නයක් නෑ“ තහනම් කළ වධක ක්‍රමයක් ට්‍රම්ප් යළි ගෙනෙයි !

colombotoday

ඇමරිකානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

ඉන්දුනීසියාවේ කිතුනුවන්ට එරෙහි ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර දරුණු අතට. අන්තවාදීන් මර්ධනයට හමුදා විශේෂ බලකායක් යොදවයි.

colombotoday