Colombo Today Local News

උද්ඝෝෂණ තහනම් කිරීමට එරෙහිව සමගි ජනබල වේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්

නිරෝධායන පනත උපයෝගී කරගනිමින් උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලිසිය දරණ උත්සහයෙන් මුලික අයිතිවාසිකම් කඩ වන බවට නිගමනය කරන්නැයි, ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කළේ ය.

ඒ, සමගි ජන බලවේගයේ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනි.

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය සහ නීතිපතිවරයා නම් කර තිබේ.

සාමකාමී අයුරින් උද්ඝෝෂණයේ නිරත වන පිරිස නිරෝධායන පනතට මුවාවී අත්අඩංගුවට ගෙන නිරෝධායනය සඳහා යොමු කිරීම මගින් රටේ ජනතාවට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්පුර්ණයෙන්ම උල්ලංඝණය වන බව, පෙත්සම්වල සඳහන් ය.

එම නිසා පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ, වගඋත්තරකරුවන් අධිකරණය හමුවට කැඳවා ඒ සම්බන්ධයෙන්, විභාගයක් පවත්වන ලෙසයි.

Related posts

ගෘහස්ථ සංගීත සංදර්ශන ඇතුළු කිහිපයකට අද සිට අවසර

colombotoday

නීතිවිරෝධී වාහන ජාවාරම්කරුවන්ට සහනයක්, දෙන්න රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

හමුදාවට එරෙහිව බේගල් කියූ, එක්නැලිගොඩ බිරියට ඇමරිකාවෙන් සම්මානයක් !

colombotoday

දරාගත නොහැකි විදුලි මිල නිසා සේවකයන් ලක්ෂ දෙකක් මහ පාරට වැටීමේ අවදානමක

colombotoday

විපක්ෂනායක ධූරයට රනිල් පාර්ලිමේන්තුවට?

Admin

වැඩිහිටි නිවාසයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

colombotoday