කොරෝනා වසංගතයෙන් ආදායම් අහිමි වූ වැලිකන්ද මොනරතැන්න ගම්මානයේ වැලි ගොඩ දමා ජීවනෝපාය සරිකරගත් කාන්තාවන් ඇතුළු ගම්වාසීන් පිරිසක් ඊයේ (08) දින උදෑසන වඩමුණේ කුඩාඔයට ගොස් අහිමි වූ රැකියා ලබාදෙන ලෙසට පොල් එල්ලා දේවකන්නලව්වක නිරත වූහ.
වසර විස්සකට ආසන්න කාලයක් වැලි ගොඩදමා තමනුත්, තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ජීවත් වූ මෙම රැකියාවට පහරවදින සේ රජය වැලි බලපත්‍ර මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙන්ම සමාගමක් මගින් වැලි ගොඩ දැමීමට සැරසෙන බව ද මොනරතැන්න ගම්මුන් සඳහන් කරති.