Colombo Today Local News

ලබන ඉරිදා සහ සඳුදා ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘතයි

ලබන ඉරිදා(05) සහ සඳුදා(06) දිනවල ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ආර්ථික මධ්‍යස්ථානවල යම් ප්‍රමාණයක් හෝ එළවළු තොග ඉතිරි වන්නේ නම් ජංගම රථ මගින් අලෙවි කිරීමට අවසර ලබා දී ඇති බවය.

මේ අතර අත්‍යවශ්‍ය සේවාවන්හී නිරත නිලධාරීන්ට ආර්ථික මධ්‍යස්ථාන වෙතින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවසර ලබා දී ඇතැයි ද, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය .

අමාත්‍යාංශය සඳහන් කළේ, එම කටයුතු ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන් හරහා සිදුකර ගැනීමට හැකියාව පවතින බවය.

Related posts

දේශපාලන හිතවත් කමට ඇතැම් අය බේරා ගන්න එපා.. ප්‍රහාරයේ මහ මොල කරුවන් හෙළි වෙනවට තමයි බය වෙලා තියෙන්නෙ.

colombotoday

ජපානයේ ආගමික වැඩසටහන අවලංගුයි.. ඥාණසාර හිමි රටින් නොයයි..

colombotoday

අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday

රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

colombotoday

සියලුම මුස්ලිම් පල්ලි රාමසාන් උත්සව දිනයේ දී වසා තැබිය යුතුයි. | වකූෆ් සභාවෙන් නියෝග.

colombotoday

නැගෙනහිර සිංහලයන්ට සිදුවූ ඓතිහාසික අසාධාරණය….

colombotoday