Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු මහතා අද(26)දින සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා හමුවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය.

එහිදී ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙක් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයේ දූපත් වලට ඇතුලුවීමට උත්සහා කරන අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව සිටින බවත් ඔවුන් හැකි ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරමින් සිටින බව එරික් ලැවටු මහතා අවධාරණය කර ඇත.

තවදුරටත් ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයට පැමිණීම වැලැක්වීම සඳහා පොලිසියත්,ආගමන විගමන දෙපාර්තුමේන්තුවත් ප්‍රංශ තානාපති කාර්යාලයත් එක්ව දැනුවත් කිරීමේ වැඩමුළුවක් ප්‍රංශයට අයත් දූපත්වල පැවැත්වීමට සංවිධානය කරමින් පවතින බවද ටිරාන් අලස් මහතාට සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ළමා හා කාන්තාවන් වෙනුවෙන් සිදුවන ආසාධාරනයන් වැලැක්වීමෙ අරමුණින් ශ්‍රී ලංකා පොලිසියත් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයත් එක්ව වැඩමුළුවක් සංවිධානය කිරීමට මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හා එරික් ලැවටූ මහතා එකඟතාව එහිදී ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා පොලිසියේ සංචාරක පොලිස් කොට්ඨාශය දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය දක්වන බව ද
ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කිරීම ගැනද එහිදී සාකච්ඡා කර තිබේ.

Related posts

කසල කළමනාකරණය අධ්‍යනයට ලොක්කො රට සවාරියේ.. රටේ ඉහළම තැනත් කුණු ගදින් පිරේ (Photo)

colombotoday

මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි..

colombotoday

24 වැනිදා පෙට්‍රල් නැවක් දිවයිනට – බලශක්ති අමාත්‍යාංශය

colombotoday

කටාර් ගුවන් සේවයට සම්බන්ධ වීමට ලාංකිකයින්ටත් අවස්ථාව

Admin

ආචාර පෙළපාළි, වෙඩිමුර නෑ.. රණවිරු දිනය නිමිත්තෙන් යාපනයේ කසල ශෝධනයට හමුදාව යොදවයි

colombotoday

මිලි­යන 2,500ක රේගු අක්‍ර­මි­කතා එළි­යට

colombotoday