Colombo Today Local News

35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක්

2019 වසරේ නොවැම්බර් සිට රටේ ආර්ථිකයේ පසුබෑම පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ස්ථාපනය කරන්නැයි, ඉල්ලමින් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක් භාර දී තිබේ.

එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ,

i. මෙරට ආර්ථික පරිහානියන්ට හේතු වූ බදු සහන ණය වාරික නොගෙවා සිටීම, ආනයන සීමා පැනවීම, රුපියල ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීමට ඉඩ සැලසීම, නිල සංක්‍රමණික ප්‍රේෂණ පහත වැටීම, රටේ උද්ධමනය අධිඋද්ධමන තත්ත්වයක් දක්වා වැඩි වීම. ජීවන වියදම වැඩිවීම හේතුවෙන්,

ii. මෙතෙක් මුහුණ නොදුන් ආර්ථික අර්බුදයකට රට මුහුණ දෙමින් තිබෙන්නේ, ඒ සම්බන්ධයෙන් අදාළ කාලසීමාවන්හි වගකීම් දරන ලද පුද්ගලයන් තම කාර්යභාරය නිසි පරිදි ඉටු නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් ද යන්නත්,

iii. ආර්ථීක අර්බුදයේ බලපෑම වැළැක්වීමට සහ / හෝ අවම කිරීමට අදාළ බලධාරීන් ප්‍රමාණවත් පියවර ගත්තේ ද යන්නත්,

iv. ආර්ථීක අර්බුදයේ බලපෑම වැළැක්වීමට සහ/ හෝ අවම කිරීමට නොහැකි වීමට හේතු වූ රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු තිබුණේද යන්නත්,

v. එවැනි ආර්ථික අර්බුදයන්ට මුහුණ දීමට දායක වූ වෙනත් කරුණු තිබේ ද යන්නත්,

vi. අනාගතයේදී එවැනි ආර්ථික අර්බුදයන්ට රට පත් වීමට දායක වන්නා වූ වෙනත් කරුණු තිබේද යන්නත්,

vii. අනාගතයේදී එවැනි ආර්ථික පරිහානියන් අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්නත්,

සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙසයි.

තව ද එම කාරක සභාව 12කට නොවැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විත විය යුතු බවත් කතානායකවරයා විසින් එහි සභාපතිවරයා පත් කරනු ලැබිය යුතු බවත් එහි සඳහන් ය.

මේ අතර ඉහත සඳහන් කර ඇති කරුණු පූර්ණ වශයෙන් සලකා බැලීම සඳහා කාරක සභාව අවශ්‍ය යැයි තීරණය කරන පරිදි, ඕනෑම පුද්ගලයෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමට ද, ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් ලබා දෙන ලෙසට ඕනෑම පුද්ගලයෙකුට නියම කිරීමට ද එකී සියලු සාක්ෂි ලිඛිතව හෝ වාචිකව, ලබා දීමට හෝ ලබා ගැනීමට ද, කාරක සභාවට සහාය වීම පිණිස අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ සහ ප්‍රවීණයින්ගේ සේවය ලබා ගැනීමට ද බලය තිබිය යුතු ය.

මීට අමතරව කලින් සිදු කළ අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමටද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යාමට ද, බලය තිබිය යුතුයි.

අදාළ ලිපියේ සඳහන් වන්නේ, සිය පළමු රැස්වීම් දිනයේ සිට මාස තුනක කාලයක් තුළ කාරක සභාව විසින් සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

Related posts

අලුත් අවුරුදු දා කොළඹ වටලා විරෝධතා

colombotoday

මහින්ද රාජපක්ෂ තවදුරටත් අග්‍රාමාත්‍ය ලෙස ආණ්ඩුව කරනවා

colombotoday

එක්නැලිගොඩ අතුරුදන් කලායැයි සිර කර සිටි රණවිරුවෙක්ට ඇප

colombotoday

කළු, නිල්වලා සහ ගිං ඟගේ ජල මට්ටම ඉහළට : පහළ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

colombotoday

රුධිර ගමනය අඩාලයි.. විමල්ගේ තත්ත්වය නරක අතට.. මහින්දත් හදිසියේ වැලිකඩ යයි

colombotoday

ගයා රම්‍ය අල්විස් දිවි ගමනට සමුදෙයි

Admin