Colombo Today Local News

යහපාලනේ දැන් හොදටම ඇති, කියල ජනතාව කියනවනම් ගෙදර යන්න ආණ්ඩුව ලෑස්තියි – සජිත්

“මේ යහපාලන ආණ්ඩුව දැන් හොඳටම ඇති. දැන් කරුණාකරලා ගෙදර යන්න යැයි යම් දවසක ජනතාව පෙළගැසී කිවහොත් වත්මන් ආණ්ඩුව ගෙදර යාමට සූදානම්” යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බල තණ්හාවෙන් හා බලය උපයෝගී කරගනිමින් බලහත්කාරයෙන් වැඩකළ කාලය දැන් අවසන් වී තිබෙන් බවත්, වත්මන් රජය සැමවිටම ජනතා මතයට මුල්තැන දෙන බවත් තිස්සමහාරාම යෝධකණ්ඩිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතිමින් සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පැවසීය.

යම් යම් පාර්ශව ජනතාව උසිගැන්වූවද,රැවැට්ටූවද බියගැන්වූවද වත්මන් රජය වැට්ටවීමට බැරි බවත් යහපාලන රජය එක ජාතියකට, ආගමකට සීමාවූ රජයක් නොවන බවත්, සියළු ජනතාව වෙනුවෙන් හඩක් නගන සේවාවක් ඉටු කරන රජයක් ලෙස දිනෙන් දෙන ශක්තිමත් වෙමින් පවතින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් එහිදී පැවසීය.

Related posts

අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක්

colombotoday

නෙවිල් ප්‍රනාන්දුගේ රෝහලට ආණ්ඩුවෙන් තවත් කෝටි 09ක් වෙන්කරයි

colombotoday

ජනපති අද කඩුව වනයි.. එජාපය සියළු ආසන සංවිධායකවරුන් කොළඹට කැදවයි..!

colombotoday

දින 25 ක් තුළ ඩෙංගු රෝගීන් 3,199 ක්

colombotoday

ගෝඨාගේ හොර අල්ලන්න ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

colombotoday

දෙනියායේ පාලමක් කඩා වැටෙයි

colombotoday