Colombo Today Local News

පෝර්ට් සිටිය නව ආරකින් ඉදිරියට.. පාඩුවේ හිලව්වට හෙක්ටයාර් දෙකක් චීනයට !

port city

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ප්‍රමාදවීමෙන් සිදුවූ අලාභය අය කර නොගැනීමට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් තීරණය කර ඇති බවත්, මේසම්බන්ධ පැරණි ගිවිසුම වෙනුවට ඉතා ඉක්මනින් ත්‍රෛපාර්ශ්වීය නව ගිවිසුමක් අත්සන් කරන බවත් රජය පැවසීය.

රජය වෙනුවෙන් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ව්‍යාපෘති සමාගම අතර මෙම ගිවිසුම අත්සන් තැබීමට නියමිත අතර, මුල් ගිවිසුමට සිදුකරන සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.

එමෙන්ම ව්‍යාපෘතිය ප්‍රමාදවීමෙන් සිදුවූ අලාභය වෙනුවට අදාළ ව්‍යාපෘති භූමියට වඩා හෙක්ටයාර දෙකක කොටසක් එම සමාගමට ලබාදීමට එකඟතාව පළ වී ඇති අතර, සියලු ඉඩම් 99 අවුරුදු බදු යටතේ ලබාදීමටද එකඟතාව පළවී ඇත.

ඒ අනුව ව්‍යාපෘතිය අත්හිටුවීම, නැවත ආරම්භ කිරීම හා ද්‍රව්‍ය අපතේ යාම යනාදී වශයෙන් එකී සමාගමට ගෙවීමට තිබූ වන්දිය ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු නොවේ.

Related posts

බදියුදීන්ට ඇමතිධූරය ලබාදෙනවාට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු විරුද්ධයි

colombotoday

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී…

colombotoday

කැස්බෑ බිත්තර 90ක් වෙරළින් ගොඩ ගත් සැකකරුවන් 9දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

කෝටියක කහ කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තියයි

colombotoday

තහනම් කොට ඇති ගෝලීය දෙමළ සංසදය ශ්‍රී ලංකාවට – ආරාධනය ජනපතිගෙන් සහ විදේශ ඇමතිගෙන්

colombotoday

මංත්‍රීවරුන්ට වාහන දෙනවා

Admin