Colombo Today Local News

මුල් පියවර දේශීය යාන්ත්‍රණය සැකසීමයි.. අනිත්වා ඉන් පසුවයි.. ලංකාවේ දියුණුව පුදුමයි ! – බිස්වාල්

nisha biswalඇමරිකානු ශ්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාව අනුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මතකරගත් යෝජනාවේ නිර්දේශාවලිය ක්‍රියාත්මක කිරීමේ මුල් පියවර යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම යැයි දිවයිනේ සංචාරයක නිරතව සිටින දකුණු ආසියාව සදහා ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ ඇමරිකානු තානාපති නිල නිවසේදී ද්‍රවිඩ ජාතික සංධානයේ නියෝජිතයන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

රටේ පාලන බලය වෙනස් වීමෙන් පසු සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදුකරන ආකාරය සහ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබදව එහිදී වැඩිදුරටත් සාකච්ඡාවී ඇත.

ජාත්‍යන්තර විනිසුරුවන් මැදිහත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් නිල ප්‍රකාශක් සිදුකර නොමැතිවුවද සියළු පාර්ශව වලට පිළිගත හැකි යාන්ත්‍රණයක් සකස් කිරීමට රජය කටයුතු කළ යුතු බවද, ඒ සදහා ඇමරිකානු රජයේ මැදිහත්වීම හා සහය ලබා දීමට සූදානමින් සිටින බවද බිස්වාල් මහත්මිය ප්‍රකාශ කර ඇත.

ලෝකයේ බොහෝ රටවල් සැසදීමේදී ශ්‍රී ලංකාව මේ වනවිට ධනාත්මක ස්ථානයක සිටින බවත්, ශ්‍රී ලංකාව ඉදිරියේදී නොසිතූ විරූ දියුණුවක් අත්කරගනු ඇති බවත් ඇය ප්‍රකාශ කර ඇත.

Related posts

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අවබෝධතා ගිවිසුමක්

colombotoday

පෙර රජවරුන් ළගවත් පල්ලිවල අසුවෙන කඩු තරම් කඩු තිබී නැහැ

colombotoday

ඡන්දයෙන් පැරදී ලිස්ට් එකෙන් ගොඩ ආ ශ්‍රීලනිප ඇමතිලාට එජාපයෙන් සිහි කැදවීමක් !

colombotoday

ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි (Video)

colombotoday

අන්තවාදී සංවිධානවලට තවදුරටත් ඉඩක් නෑ.. ජනතාවට සැබෑ නිදහස ලබාදිය හැක්කේ ආර්ථික-සමාජ උවදුරු දුරලීමෙන්

colombotoday

“පංචවිධ කාර් ඇඩ් එකේ කී පරිදිම, ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා“ මුදල් ඇමති

colombotoday