පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අතුරුදන්ව ඇති බව AFP පුවත් සේවය වාර්තා කරයි.
අනන්‍යතාව හෙළි කර නොමැති නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ රැකියාවක් සඳහා රැඳී සිටීමේ අරමුණෙන් ඔවුන් සැඟවෙන්නට ඇති බවයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක් සහ කළමනාකරුවෙක් මෙලෙස අතුරුදන් වූවන් අතර සිටින අතර ඔවුන්ට මාස 6කට වලංගු වීසා බලපත්‍ර හිමිව තිබේ.