Colombo Today Local News

සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා – ඤාණසාර හිමි

ජාත්‍යන්තරය සහ බෙදුම්වාදීන් සතුටු කිරීම සදහා රූකඩ, නපුංෂක වත්මන් පාලනය ක්‍රියාත්මක කර ඇති අත්හදාබැලීම් හේතුවෙන් නැවතත් මේ රට අදුරු යුගයකට ගමන් කරමින් සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ඊයේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේබව ප්‍රකාශ කළේ.

සිංහල සිසුන් බහුතරයක් සහිත දකුණේ විශ්වවිද්‍යාල තුළදී දමිළ, මුස්ලිම් සිසුන්ට තම අනන්‍යතාව රැකගනිමින් සංස්කෘතික ක්‍රියාදාමයන් නිදහසේ සිදු කිරීමට ඕනෑ තරම් අවස්ථාව ලබා දී තිබියදී දමිළ සිසුන් බහුතරයක් සහිත යාපනය විශ්ව විද්‍යාලය තුළ සිංහල සිසුන්ට එම අවස්ථාවන් අහිමි කිරීමත්, ඊට විරෝධය පළකරමින් පහර දීමත් අතිශය කණගාටුවට කරුණක් බවයි උන් වහන්සේ සදහන් කරන්නේ.

එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදය යුධමය වශයෙන් පරාජයට පත්කර ඇති අවස්ථාවක, බටහිර, යුරෝපීය ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන හරහා නැවත වරක් උතුරේ දෙමළ තරුණ සමාජය බෙදුම්වාදය දෙසට ඇදගෙන යමින් සිටින බවත්, වත්මන් රජයේ දුර්වල නිවට ක්‍රියාකාරීත්වය මෙයට සම්පූර්ණයෙන් වගකිය යුතු බවත් උන්වහන්සේ අවධාරණය කරයි.

Related posts

මංගලගේ මංගල අයවැයි “දේදුනු අනන්තයේ” සිට හැදෙයි !

colombotoday

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරී…

Admin

වන විනාශ සිදුවීමේ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

colombotoday

කැෆේ සංවිධානයට ප්‍රචණ්ඩ ක්‍රියා 4ක් ඇතුළු පැමිණිලි 67ක්

colombotoday

නියෝමාල් රංගජීව පොලිස් නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම සම්මානයෙන් ජනපති අතින් පිදුම් ලබයි….

colombotoday

ඖෂධ ගබඩාවක ගින්නක් : ඖෂධ විශාල ප්‍රමාණයක් විනාශ වෙයි

colombotoday