Colombo Today Local News

සමර්හිල් වතුයායේ දී මිය ගිය කඳුකර කොටියා ගැන වාර්තාව ඇමැතිට

සමර්හිල් වතුයායේ දී මද්දකට හසුවීම නිසා අගෝස්තු 07 වැනිදා මරණයට පත් වූ කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් සොයන්නට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී තිබේ.

මෙම වාර්තාව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය විසින් ඇමැතිවරයාට බාරදුන් අතර එම අවස්ථාවට සිද්ධිය සම්බන්ධව විමර්ශනය සඳහා පත් කළ කමිටූවට අයත් අතිරේක ලේකම් එච්. ඩී. රත්නායක, තාරක ප්‍රසාද් අධ්‍යක්ෂ (සෞඛ්‍ය කළමනාකරණ), අධ්‍යක්ෂ මෙහෙයුම් ( ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව) එච්. ඒ. අනෝමා ප්‍රියදර්ශනී මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව විමර්ශනය කළ කමිටුව විසින් කඳුකර කොටිගහණය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25ක් මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.

එසේම මෙම සමර්හිල් සිදුවීමේ දී එකී කොටියා කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම නිසා සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය නිසා මරණයට පත් ව ඇති බවත්, එම සතා ගසට යටවී නොමැති බවත් සිදු කළ විමර්ශනවල දී අනාවරණය වූ බව කමිටුව සඳහන් කරයි.

Related posts

නාගනන්ද සහ බොදු බලේ මුහුණට මුහුණ ගැටෙයි

colombotoday

බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම : මහා සංඝරත්නයෙන් ලිපියක්

colombotoday

ආණ්ඩුවට බණින්නේ “පරිනත ප්‍රජාතන්ත්‍රවාදය“ තේරෙන්නේ නැති අයයි – හරින්

colombotoday

හවුලක් නැතිව තනියෙන් එන අය භයානකයි… ගෝඨා නිසැකවම පැරදවිය යුතුයි…

colombotoday

නිරෝදායනයෙන් හොරෙන් පැන පෙම්වතිය සොයා ගිහින්

colombotoday

ලාබෙට කාර්, සිහිනයක් පමණයි… වැට් බද්දෙන් වාහන මිළ ලොකු ගණන්වලින් ඉහළටම

colombotoday