Colombo Today Local News

දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට තීරණයක්

දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, ඒ අනුව වඩාත් විනිවිධ භාවයෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් ගෙන එන බවයි.

මීට සමගාමීව දැනට පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙනුවට වැඩි බලතල සහිත නව කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමටද නීති සම්පාදනය කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අනුගත වෙමින් එම කටයුතු සිදු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

Related posts

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වෙති

colombotoday

“නව ව්‍යවස්ථාවට මාත් එකඟ නෑ.. ඒ සදහා ජනපතිට ජනවරමක් ලැබිලත් නෑ“ – රතන හිමි

colombotoday

ජනපති සහ අගමැති හදිසි සාකච්ඡාවක

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගීන්ට පණිවුඩයක්

colombotoday

මහඇමති නාටකයෙන් හෙළි වූ යහපාලන නිරුවත !

colombotoday

ව්‍යවස්ථා මණ්ඩල අතුරු වාර්තාවට මධ්‍යම සභාවේදී ගිනි තබයි !

colombotoday