Colombo Today Local News

විල්ගමුවේ 8 මස් ගැබිණිය සහ සැමියාව ගිනි තබා මැරුවා ද?

බරපතල පිළිස්සුම් තුවාල ලබා මියගිය තරුණ යුවලකගේ සිරුරු විල්ගමුව ප්‍රදේශයේ වෙළඳ සැලක් තුල තිබී හමුවී තිබේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ 27 හැවිරිදි සැමියෙකු සහ ඔහුගේ 23 හැවිරිදි ගැබිණි බිරිඳයි.

විල්ගමුව පොලිසියට ඊයේ(18)දින රාත්‍රී 10ට පමණ ලැබුණු තොරතුරකින් කියවි ඇත්තේ විල්ගමුව, නුගගොල්ල, මිවාඕබේ ප්‍රදේශයේ වෙළඳ සලක කාමරයක් තුල ගිනි තබාගෙන යුවලක් මියගොස් ඇති බවටයි.

ඒ අනුව එම ස්ථානයට පැමිණි විල්ගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. එහිදී දැක ගැනීමට හැකිවුයේ ගිනි ගැනීමෙන් ඇති වූ පිළිස්සුම් තුවාල ලබා නිවසකට යාබද වෙළඳසැලක කාමරයක් තුල යුවලක් මරණයට පත්ව සිටින ආකාරයයි.

27 හැවිරිදි තරුණයෙක් සහ 23 හැවිරිදි ඔහුගේ බිරිඳ මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙලෙස මරණයට පත්ව ඇති කාන්තාව 8 මස් ගැබිනියක බවයි. මෙම මරණ ගිනිතබාගෙන සියදිවි නසාගැනීමක්ද නැතහොත් කිසිවෙකු ගිනි තැබුවේද යන්න පිළිබඳව පොලිස් විලර්ශන සිදු කිරීමට නියමිතයි.

අද දහවල් මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

Related posts

මහින්දට සභාපතිකම දෙනතුරු ශ්‍රීලනිපයෙන් නාමයෝජනා එපා! හිටපු පුංචි මන්ත්‍රීන් 1400ක් දැඩි තීරණයක

colombotoday

යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් යානය මත්තලට ගොඩබසී

colombotoday

ගුරුවරු මෙල්ලකරන්න දරදඩු වූ කොල්ලුරේ පක්ෂ සභාපති තනතුරින් පන්නයි.

colombotoday

අවස්ථානුකූලව නියෝග පැනවීමට සෞඛ්‍ය අධ්‍යක්ෂකට බලය ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

මෙදා පාරනම් ගැලවීමක් නැතිවෙයි..! තුන් පැත්තකින් වටකරයි… මරණ තුනක් ඇති අගමැති පැණි කන හැටි !

colombotoday

පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin