සන්ඩේ ලීඩර් පත්තරයේ හිටපු කර්තෘ ලසන්ත වික්රමතුංග මහතාගේ සිරුර වසර පහමාරකට පසු අද (27) ගොඩ ගැනීමට නියමිතය.
උසාවි නියෝගයක් අනුව සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට සඳහා නියමිතය.
බොරැල්ලේ කනත්තට දිවා රෑ දැඩි පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි ද වාර්තා වේ.
පසුගියදා පැවති (08) නඩු විභාගය කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගෙන ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණ මෙම අවසරය ලබා දී තිබේ.