1956 දී සම්මත වූ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළයුතු බවට වන පනතට තමා වෛර කරන බව උතුරු මහඇමැති සී. වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.
සිංහල පමණක් පනත සම්මතවූ පසු තමා සිංහල ඉගෙනීම අත්හළ බව උතුරු මහ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. කොකාවිල්හි හින්දු ළදරු පාසලක් විවෘත කිරීමේ උත්සවයකින් අනතුරුව උතුරු මහ ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කර ඇත.
1956 න් පසු සිංහල ඉගෙනීම අත්හල නිසා තමාට මාධ්‍ය හමුවේ කැඩුණු සිංහලෙන් කතාකරන්නට සිදුවූ බව හෙතෙම කියයි.