Colombo Today Local News

දැනට අළෙවි කෙරෙන ඉන්ධන ලීටරයක මිල 200 කින් අඩුකරන්න පුළුවන්

ඉන්ධන ලීටරයක් දැනට අළෙවි කරන මිලට වඩා රුපියල් 200 ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බවත් ඉන්ධන ලීටරයක සත්‍ය ආනයනික වියදම රුපියල් 300 ට වඩා වැඩි නොවන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7)දින පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයන පිරිවැය වැඩියෙන් ඉන්ධන මිල සූත්‍රයට ආදේශ කර ඇති බවත් මෙම මිල වැඩියෙන් පෙන්වීමෙන් ඉන්ධන පිරවුම්හල්වලට ලබාදෙන මුදල ද වැඩියෙන් ගණනය වන බවත් රත්නායක මහතා සඳහන් කරයි.

ඛනිජ තෙල් සංස්ථාව බොරතෙල් බැරලයකට ඩොලර් 72.50 කට මිලදී ගෙන ඇත්නම් ලෝක වෙළෙඳපොලේ ඩොලර් 200 ක් වුවත් එහි වැඳගත්කමක් නොමැති බව කී රත්නායක මහතා පෙට්‍රල් බැරල්යක් ඩොලර් 171 ක් යැයි කීව ද ඔක්ටේන් 92 පෙට්‍රල් ඩොලර් 100 ට ආනයන කර ඇති බව ද සඳහන් කළේය.

ඔක්ටේන් 95 පෙට්‍රල් ඩොලර් 103 ට, ඔටෝ ඩීසල් ඩොලර් 112 ට, සුපිරි ඩීසල් ඩොලර් 115 සහ භූමිතෙල් ඩොලර් 105 ට ලෙස ආනයන කර ඇති බවත් ආනයන කළ වටිනාමක අනුව ඉන්ධන මිල ගණනය කළ යුතු බවත් රත්නායක මහතා කීය.

මෙම ගණනය කිරීමේදී බදු ආදායම අහිමිවී තෙල් සංස්ථාවට රුපියල් 200 ක් ලැබෙන බව කී රත්නායක මහතා සඳහන් කළේ අවසානයේ ඉන්ධන මිලදී ගැනීමට ද මුදල් නොමැති බවත්ය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

Related posts

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

ජාතික රූපවාහනියේ සභාපති හදිසියේ ඉල්ලා අස්වෙයි…

colombotoday

“2020 ජනපතිවරණයට එනේනේ ගෝඨාභයනම් ඉන්දියානු ජනතාවත් ඔහුට සහය දිය යුතුයි” – ඉන්දීය හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමි

colombotoday

ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියට පරිභාහිරයි – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත් !

colombotoday

මීගමුව ප්‍රා. ලේකම්ගේ සිරුර බාල්කයක

Admin