Colombo Today Local News

අඩු ටෙන්ඩරය අහෝසි කර වැඩි මිලට ගෑස් අරන් : පරීක්ෂණයක් කරන්න කෝප් කමිටුවෙන් නිර්දේශ

අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කර ඇ. ඩො 129 බැගින් වැඩි මිලට ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් පරීක්ෂණයක් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය.

එසේම ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද ඇ.ඩො මිලියන 160 ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙනන්ද වහාම සොයා බලන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර ඇත.

කමිටුව දුන් නියෝග ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතන ක්‍රියාත්මක කළ ආකාරය සහ එම ආයතන වල කාර්ය සාධනය විමසීම සඳහා ඒවායේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට පෙරේදා කැඳවනු ලැබ සිටියහ. මේ නිර්දේශ ලබා දී ඇත්තේ ඒ රැස්වීමේදීය.

ගෑස් මිලදී ගැනීම සදහා තිබූ වාර ටෙන්ඩරය පසුගිය පෙබරවාරි මාසය වන විට අවසන් වූ බැවින් ගෑස් මෙ.ටො 2,80,000 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැදවන ලද බවත් ඒ අනුව ගෑස්සැපයුම්කරුවන් තිදෙනකු ලංසු ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී තොරතුරු අනාවරණයවිය. මෙහිදී සියාම් ගෑස් සමාගම ඇ.ඩො 96 බැවින් අවම මිල ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Related posts

ඇලෝසියස්ට බන්ධනාගාරයේ සුපිරි සැප… H වාට්ටුවේ සිට දේශපාලන ප්‍රබලයන් සමග දුරකතන සාකච්ඡා

colombotoday

පාසල්වලට දරුවන් එවීම ගැන විශේෂ දැනුම්දීමක්

colombotoday

එජාප මන්ත්‍රීන් 40ක් රවී සමග එක්වෙයි.. විශ්වාසභංගයට සහය දීමටනම් කොන්දේසි දමයි..

colombotoday

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

ස්විස් කෝලම පත්තුවෙයි. තානාපති කාර්යාලයේ සේවිකාව අත්අඩංගුවට

colombotoday

වෙලේ සුදා – පොට්ට නව්ෆර් – කන්ජිපානි බූස්ස බන්ධනාගාරයට

colombotoday