Colombo Today Local News

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සුසන්ත රත්නායක මහතා එම තනතුරින් ඉල්ලා අස් වී ඇතැයි අයෝජන මණ්ඩල ආරංචි මාර්ග කියා සිටී.

ඊයේ (30) දින සිට බලපැවැත්වෙන පරිදි සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත බාර දී ඇතැයි ද පැවසේ.

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිටි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙහෙයවීමේ වගකීම ස්වෙච්ඡාවෙන් භාරගත් රත්නායක මහතා සිය පුද්ගලික හේතූන් මත වසරක කාලයකට පසුව මෙලෙස ආයෝජන මණ්ඩල සභාපති ධූරයෙන් ඉවත් වූ බවද එම ආරංචි මාර්ග කියා සිටී.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු ඇරඹූ ඔහු මෙරට කීර්තිමත් ව්‍යවසායකායකි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙල් සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි හිටපු සභාපතිවරයාද වන්නේද රත්නායක මහතාය.

Related posts

කොවිඩ් යලි හිස එසවීමේ අවදානමක්

colombotoday

පාසල් දරුවන්ට කිරි වෙනුවට සහල් කැඳ

colombotoday

නොච්චියාගමින් පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් අල්ලයි

colombotoday

සිරිකොතේ අලියාට වෙඩි තැබූ කොස්තාපල් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

ඖෂධ පිළිබඳ ගැටළු විසඳන්න දුරකථන අංකයක්

colombotoday

දැව කඳන් ඇඟට පෙරළී පුද්ගලයෙක් මරුට

Admin