Colombo Today Local News

දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟ වීම ගැන බලධාරීන්ගේ අවධානය නැහැ – දුම්රිය ස්ථානාධිපතිවරු කියයි

දුම්රිය සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ දුම්රිය ප්‍රවේශපත් අවසන් වෙමින් තිබෙන බවත් මෙම තත්වය මත දුම්රිය ස්ථානය රැසක සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීම අර්බුදකාරී වනු ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරු පවසති.

කොළඹ කොටුව, මරදාන, ගම්පහ, වේයන්ගොඩ සහ රාගම ආදී දුම්රිය ස්ථානවල මෙන්ම උප දුම්රිය ස්ථාන රාශියකම මේ වන විට සාමාන්‍ය ප්‍රවේශපත් අවසන් වීම මත ගැටලුවක් උද්ගත වෙමින් තිබෙන බවත් සාමාන්‍ය ප්‍රවේශපත් මුද්‍රණය කරන කඩදාසි ආනයනය කිරීමට ඉදිරියේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් ස්ථානාධිපතිවරු කියති.

භාවිත කළ ප්‍රවේශපත් නැවත භාවිතා කිරීමට හැකි වන ක්‍රමවේදය යළි ස්ථාපිත කරන්නේ නම් නව ප්‍රවේශපත් මුද්‍රණය වෙනුවෙන් දරණ පිරිවැය යම් ප්‍රමාණයකට හෝ අවම කර ගැනීමේ හැකියවක් ඇති බව කියන ස්ථානාධිපතිවරු ප්‍රවේශපත් හිඟය පිළිබඳව දුම්රිය බලධාරීන් අවධානය යොමු නොකරන බව ද සඳහන් කරයි.

රජයේ මුද්‍රණාලය හරහා ප්‍රවේශ පත් නවතා එම මුද්‍රණ උපකරණ මේ වන විට දුම්රිය මූලස්ථානයේ පිහිටි මුද්‍රණ කාර්යාලයට ගෙනවිත් ඇති බවත් ඒ සඳහා මේ වන විට පුහුණු සේවකයන් මෙන්ම එම කාර්යාලීය කටයුතු සඳහා ප්‍රමාණවත් සේවකයන් අනුයුක්ත කිරීමට අසමත් විම මත එහි කටයුතු මන්දගාමී වී ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරු සඳහන් කරයි.

Related posts

තෙල් ගබඩා සංකීර්ණය පාළුවට යයි.. සේවකයෝ අඛණ්ඩ වර්ජනයේ.. පිරවුම්හල් අසල මහ පෝලිම්

colombotoday

විශ්‍රාම වැටුප් ලබා ගන්න යන අයට අවසර පත්‍ර අවශ්‍ය නෑ

colombotoday

ඕනිම වෙලාවක එනවා – බදුර්දින්ගෙන් බැසිල්ට සහතිකයක්

colombotoday

“GSP සහන කැපුවා කියන කුහකයන්ගේ කටවලට පණුවො ගහන්න ඕන” – හර්ෂද සිල්වා ශාප කරයි

colombotoday

ත්‍රි’මලේ වරාය ඉන්දියාවට දීම ගැන තීරණය ළඟදීම

colombotoday

ඖෂධ වර්ග 56ක් හිඟයි-විපක්ෂයට තියෙන හදිසිය අපිට නෑ

Admin