Colombo Today Local News

පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගහලා… රනිල් පාඩම් ඉගෙන ගන්නෙ මේ පාර තමයි..

“රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් පාඩම් ඉගෙන ගන්නේ මේ පාර තමයි” යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

අරගලය අල කිරීමට විවිධ කණ්ඩායම් රිංගවා සිටින බව සත්‍යයක් යැයි පැවසූ හෙතෙම අරගල භූමියේ කතා කරමින් සිටියදී තමාට බාධා කළේද රනිල්ගේ හෙංචයියෙකු බව සඳහන් කළේය.

මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් අද පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගසා ඇති බවත් මහින්ද රනිල්වත් රනිල්-මහින්දවත් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් සමරසිංහ මහතා කීවේය.

මිනිසුන් මරා දමා දේපළ විනාශ කරනවට තම පක්ෂය විරුද්ධ බව පැවසූ ඒ මහතා එවැනි කටයුතු ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම අනුමත නොකරන බවද ප්‍රකාශ කළේය.

Related posts

සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ වැඩසටහන් ඉවතට. | ගුවන් විදුලියේ මුස්ලිම් සේවය යලිත් අන්තවාදී ග්‍රහණයට.

colombotoday

ඩෙංගු රෝගීන් 80දහස ඉක්මයි.. මරණ 237ට නගී.. රාජිතගෙන් තවත් වාර්තාවක් !

colombotoday

රාවණා ඇල්ල සැඩවෙයි

Admin

ව්‍යාධිජනකයින් සහිත චීන කාබනික පොහොර තොගය ගෙනඒම අත්හිටුවයි

colombotoday

බැසිල් රාජපක්‍ෂ FCID අත්අඩංගුවට

colombotoday

පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් පෙරළී ළමුන් 9ක් රෝහලේ…

Admin