Colombo Today Local News

රුසියානු එයරොෆ්ලොට් ගුවන් යානයේ නඩුව නිෂ්ප්‍රභ කෙරේ

කොළඹ වාණිජ මහාධිකරණය රුසියානු එයරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් වන නඩුව පිරිවැය සහිතව නිෂ්ප්‍රභ කර තිබේ.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා විසින් මෙම නියෝගය අද ලබා දෙනු ලැබ ඇත්තේ, එම නඩුව පවත්වා ගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා මතු කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ය.

අදාළ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් සීමා සහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම නීතිපති දෙපාර්තමේන්තුව හරහා ජූනි 28 දින කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ මෝසමක් ද ගොනු කර තිබිණි.

එමෙන් ම, අධිකරණය නොමග යවමින් මෙම වාරණ නියෝගය ලබාගෙන ඇති බවට නීතිපතිවරයා ඇතුළු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් එරෝෆ්ලොට් ගුවන් යානයට එරෙහිව නිකුත් කර ඇති වාරණ නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් ජූනි 6 වන දා නියෝගයක් නිකුත් ද කර තිබිණි.

Related posts

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

colombotoday

දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කෝට්ඨාසයට පැමිණේ… ප්‍රශ්න කිරීම් ඇරඹෙයි

colombotoday

IMF ණය මේ මාසයේදී – තාරක බාලසූරියගෙන් අනාවරණයක්!

Admin

අයවැය ප්‍රකාශය : විදේශ ගමන් බලපත්‍ර – වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළට

Admin

වල් ඌරෙකුයි සිතා කළ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

හයර් දුවනවනම් මීටරේ අනිවාර්යයි…

colombotoday