බම්බලපිටිය ලෝරිස් පාර ප්‍රදේශයේදී නීති විරෝධී සූදු පොළක් වටලා චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, චීන ජාතික කාන්තාවක ඇතුළු චීන ජාතිකයින් 5 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
බම්බලපිටිය සහ කොල්ලිපිටිය පොලිස් ස්ථානවල නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් දස ලක්ෂ 88 500 ක් හා චීන යුවාන් 2600 ක මුදලක් ද පොලිස් භාරයට ගත් බවයි.