Colombo Today Local News

හූ හඩ මැද්දේ මන්ත්‍රී ජගත් කුමාර ට බිත්තර ප්‍රහාරයක්

පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීමේ දී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සහ සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් අතර බහින් බස්වීමක් ඇතිව තිබේ.

ඒ අනුව අද (07)දින පැවති සංවර්ධන කමිටු රැස්වීම අතරමඟ නවතා මන්ත්‍රීවරයා ඉන් පිටව ගොස් ඇති අතර, එහිදී ඔහුගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම මන්ත‍්‍රී ජගත් කුමාර සහ උප සභාපති නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ දී පවත්වා තිබේ.

එහිදී පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම ආසන සංවිධායකවරයා, මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය නිලධාරීන් නොමැතිව සභාපතිවරයා විසින් ඒකාධිපති ගමනක් යන බව පවසමින් සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසින් චෝදනා එල්ල කර තිබේ.

එහිදී මන්ත්‍රී ජගත් කුමාර ‘මට ඕනෑ හැටියට තමා කරන්නේ’යනුවෙන් පැවසීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

පසුව කමිටුවේ වැඩකටයුතු අතරමඟ නවතා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සභාපතිවරයා ඉන් පිටව ගොස් තිබේ.

එහිදී සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හූ කියමින් සභාපතිවරයාට විරෝධය දක්වා ඇති අතර රථයට බිත්තර ප්‍රහාරයක් ද එල්ල කර ඇත.

Related posts

හපුහින්නව ජනාධිපති කාර්යාලයට ගනී

Admin

සම්බන්ධන් මහතා කදවුරට කඩාපැන්නේ නොදැනුවත්කමින්.. හමුදා නිලධාරියා ගැන පරීක්ෂණයක් කල යුතුයි

colombotoday

කොරෝනා එන්නත් එක් මාත්‍රාවකින් ආරක්ෂා වෙන්න පුළුවන් දින 90යි

colombotoday

අගමැතිකමින් නෙරපා දමමින් මෛත්‍රී රනිල්ට යැවූ ලිපිය මෙන්න….

colombotoday

යාපනය විද්‍යා දැරියගේ ඝාතනයේ වරදකරු ජීවිතක්ෂයට

Admin

මහවැලි ඉඩම් අක්‍රියභාවය සහ අවභාවිතා කිරීම පිළිබඳ පරීක්ෂණ

Admin