ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහල ලබා 70 වසරක් ගතවීම නිමිත්තෙන් පැවැත්වෙන සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිතාන්‍ය මහ රැජණගේ බාල පුත්‍රයා වන එඩ්වඩ් කුමරු සහ ඔහුගේ බිරිද සහභාගී වීමට නියමිතය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කළ නිල ආරාධනාවකට අනුව එඩ්වඩ් කුමාරයා මෙරටට පැමිණෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ජනවාරි මස 31 වන දින මෙරටට පැමිණෙන එඩ්වඩ් කුමාරයා කුමරිය හා දූ දරුවන් පෙබරවාරි 04දා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති අගමැති ප්රමුඛ පක්ෂ නායකයින් රැසක් ද මුණ ගැසීමට නියමිත බවද ස්වදේශ කටයුතු ඇමැතිවරයා සඳහන් කළේය.